හරීන්- ජනපති හමුවක් | ඇස පාදන රැස


හරීන්- ජනපති හමුවක්

 ඡායාරූපය:

හරීන්- ජනපති හමුවක්

ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී තිබේ.  

පෙරේදා (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා, තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

මේ සිද්ධියෙන් පසු ඊයේ ජනාධිපතිවරයා මුණ ගැසී තමන් ආණ්ඩුව විවේචනය කිරීමට හේතුව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් පැහැදිලි කර ඇති අතර, එම සාකච්ඡාව ඉතා සුහදව අවසන් වූ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.