සංවර්ධනයේ පසු විපරමට වෙනම අමාත්‍යංශයක්! | ඇස පාදන රැස


සංවර්ධනයේ පසු විපරමට වෙනම අමාත්‍යංශයක්!

 ඡායාරූපය:

සංවර්ධනයේ පසු විපරමට වෙනම අමාත්‍යංශයක්!

සංවර්ධන යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පසු විපරම් කිරීමට වෙනම අමාත්‍යංශයක් පිහිටුවන ලෙස ජනපතිවරයාට යෝජනා කරන බව අමාත්‍යවරුන්ගේ හිටපු ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

එයින් වෙනත් අමාත්‍යංශවලට වෙන් කරන මුදල් නියමාකාරයෙන් භාවිත කෙරෙනවාදැයි සොයා බැලිය හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව සදහන් කළ එම සංගමයේ විධායක සභික ජයරත්න රුබේරු මහතා, වැඩිදුරටත් කියා සිටියේ ඉන් සංවර්ධනයට වෙන් කරන මුදල් වැඩකට නොගෙන ආපසු හැරීයාම වැළකෙනු ඇති බවයි.

එම සංගමයේ ජාතික සංවිධායක චම්පික ගමගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කොට තිබෙන වංචා, දූෂණ, කොමිස් ලබාගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන් සහ විවිධ කොන්ත්‍රාත්කරුවන් නියාමනය කිරීමටද ජනපතිවරයා මැදිහත්විය යුතු බවය. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට හේතුවූයේද මේ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය බවත්, අදාළ නියාමනය සිදු නොකරන්නේ නම් එය වර්තමාන ජනාධිපතිවරයාටද බලපානු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.