තංගල්ල සභාපතිගේ අභියාචනය ජුනි 12ට කල් යයි | ඇස පාදන රැස


තංගල්ල සභාපතිගේ අභියාචනය ජුනි 12ට කල් යයි

 ඡායාරූපය:

තංගල්ල සභාපතිගේ අභියාචනය ජුනි 12ට කල් යයි

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු

අධිචෝදනාවලට වරදකරු කර වසර 20ක සිර දඬුවමක් නියම කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ සහ අනෙක් චූදිතයන් සිව්දෙනා තමන්ට පනවා ඇති සිර දඬුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (05) තීන්දු කර ඇත.

මෙම අභියාචනය දේවිකා ද ලිවේරා තෙන්නකෝන් සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබිණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව පැවැති කාලයේදී නීතිය ක්‍රියාත්මක නොවීම සහ හිටපු සභාපතිවරයාට දේශපාලන ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන්ට බරපතළ චෝදනා එල්ල වී තිබිණි.

[කාශ්‍යප දිසානායක]