දූෂණයට එරෙහි ජාතික ව්‍යාපාරයක්

 ඡායාරූපය:

දූෂණයට එරෙහි ජාතික ව්‍යාපාරයක්

සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා අපේ මව්බිම පෙළගැසී සිටින මේ මොහොතේ එම නිදහසට එරෙහි දූෂණය, අල්ලස, හොරකම සහ නාස්තිය පිටුදැකීමට කැපවිය යුතු බව ඊයේ (4) ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් දින උළෙලේදී ජාතිය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

'මේ මව්බිම මත ආර්ථීක නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථීක නිදහසට එරෙහිව දූෂණය, අල්ලස, හොරකම නාස්තිය අප විසින් පිටුදැකිය යුතුය. හොරකම, දූෂණය, අල්ලස අපේ ජාතියේ අනාගතය තීරණය වීම කෙරෙහි දැඩි ලෙස බලපා තිබේ. රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලුදෙනා වගකීම් ඉටු කළ යුතුය. රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවක් පවතින බවත්, එකී අවශ්‍යතාව වෙනුවෙන් සැම දෙනාම කැප විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.