මාස 11ක් තුළ රැකියා සඳහා රට ගිය 222ක් මරුට

 ඡායාරූපය:

මාස 11ක් තුළ රැකියා සඳහා රට ගිය 222ක් මරුට

වසරේ ගත වූ මාස 11ක කාලය තුළ විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 222දෙනෙකු විවිධ හේතු මත මියගොස් ඇති බව ඊයේ (05) ‘රැස’ කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මියගොස් ඇති පුද්ගලයන් අතර කාන්තාවන් 52දෙනෙක් සහ පිරිමි 167දෙනෙක් වෙති. එයින් පිරිමි 25දෙනෙකු සහ කාන්තාවන් 06දෙනෙකු සියදිවි හානි කරගැනීම හේතුවෙන් මියගොස් ඇති අතර ස්වාභාවික හේතු මත පුද්ගලයින් 145දෙනෙකු මියගොස් තිබේ. එසේම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 21දෙනෙකු මිය ගොස් ඇත.

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ සෞදි, කුවේට් සහ කටාර් යන රටවල සේවයේ නිරතව සිටියදී වන අතර මියගිය පුද්ගලයන්ගේ සිරුරු මෙරටට ගෙන්වීම සඳහා මේ වසර තුළ පමණක් රුපියල් මිලියන 07කට ආසන්න මුදලක් වැය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

[දිනුක මලින්ද හේරත්]

 

මාතෘකා