මිහින් ලංකා, ශ්‍රී ලන්කන් අක්‍රමිකතා ගැන ගෝඨාභය සීඅයිඩීයට

 ඡායාරූපය:

මිහින් ලංකා, ශ්‍රී ලන්කන් අක්‍රමිකතා ගැන ගෝඨාභය සීඅයිඩීයට

මිහින් ලංකා හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (29) හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවට පැමිණියේය.

අදාළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් මීට ඉහත යොමු කරන ලද සිතාසියකට අනුව මෙසේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ ලබා දීමට කැඳවා තිබිණි.

මීට අමතරව ජනාධිපති කොමිසම හමුවට ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග යනාදීන්ද පැමිණ ඇත. ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සිදුවීම් ගණනාවක් මීට ඉහතදී කළ පරීක්ෂණවලදී හඳුනාගෙන තිබිණි.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා