දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

 ඡායාරූපය:

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

දුම්රිය සේවක සංගමය විසින් ආරම්භ කරනු ලැබූ වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාවට සිදු වන අපහසුතාව සලකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව සිවිල් ගුවන් හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ (09) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවසීය.

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩවැරුම අත්තනෝමතික එකක් බවත්, වැඩවර්ජනය හේතුවෙන් දිනපතා රාජකාරි කටයුතු සඳහා යන එන මගීන් අපහසුතාවට පත්වීම හා ගුවන්තොටුපළ වෙත ඉන්ධන ක්‍රමානුකූලව රැගෙන යෑමට නොහැකි වීම යනාදී කාරණා මුල් කර ගනිමින් ඉහත පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා වන ලිපිය ඊයේ (09) ප්‍රවාහන අමාත්‍යංශය ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි මසක කාලයක් තුළදී අලුතින් දුම්රිය රියදුරන් පුහුණු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා