ලෙඩ දෙන සමාජ ජාල ගැන හමුදාව සීරුවෙන්

 ඡායාරූපය:

ලෙඩ දෙන සමාජ ජාල ගැන හමුදාව සීරුවෙන්

සමාජ මාධ්‍ය ජාලා සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන අගෝස්තු 30 සහ 31 දෙදින තුළ පැවැත්වෙන කොළඹ ආරක්ෂක සමුළුව සම්බන්ධයෙන් ඊයේ (07) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී යුද හමුදාපතිවරයා මෙසේද කීය.

"පසුගිදා අපේ රටේ ඇති වුණු ඇතැම් සිද්ධිවලට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කෙරුණු ප්‍රචාරයන් බලපෑවා. ඒ නිසා දැන් අපි ඒ පිළිබඳ කතිකාවක් ඇති කළ යුතු කාලය එළඹිලා තියෙනවා. ඉදිරියේදී සමාජ ජාලා ක්‍රියාකාරකම් තුළින් ඇති විය හැකි ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක පිළිබඳ අපි විශේෂ විශ්ලේෂණයක් සිදු කළ යුතුයි. ඒවගේම අපේ බුද්ධි අංශත් සමාජ ජාලා සහ එහි ක්‍රියාකාරීත්වය ගැන සුවිශේෂ අවධානයකින් කටයුතු කරනවා."

[දිලංක ගුණතිලක]

මාතෘකා