ශෂී වීරවංශගේ නඩුවේදී හිටපු ආගමන හා විගමන පාලක කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක්

 ඡායාරූපය:

ශෂී වීරවංශගේ නඩුවේදී හිටපු ආගමන හා විගමන පාලක කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක්

ආගමන හා විගමන බලපත්‍ර නිකුත් කිරීමේදී අඩුපාඩු රැසක් සිදු වන බවටත්, මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් එම අඩුපාඩු නොසලකා එම බලපත්‍ර නිකුත් කරන බවටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක චූලානන්ද පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.   
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේදී පෙරේදා (23) සාක්ෂි දෙමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයා අදාළ ප්‍රකාශය කර තිබිණි. හිටපු ඇමැතිවරයාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ ලියකියවිලිවල පරස්පරතා තිබුණත්, ඒවා නොසලකා හැර කටයුතු කළ බවද ඔහු පවසා තිබිණි.   
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හිටපු පාලකවරයාගෙන් විමසා තිබුණේ මෙවැනි සිදුවීම්වලදී කටයුතු කරන්නේ කෙසේද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් හිටපු පාලකවරයා අධිකරණයේදී වැඩිදුරටත් පවසා තිබුණේ දිනපතා මෙවැනි අඩුපාඩු සහිත ලියකියවිලි ලැබුණත්, ඒවා නොසලකා බලපත්‍ර නිකුත් කරන බවයි.   
මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේ මේ ප්‍රකාශය බරපතළ එකක් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගෙන පුළුල් පරීක්ෂණයක් කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.  

 

[චින්තක ආරියසේන]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?