ජනපති-අගමැති තීරණාත්මක හමුවක්!

 ඡායාරූපය:

ජනපති-අගමැති තීරණාත්මක හමුවක්!

අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසු අද (05) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවේ අනාගතය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සඳහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඔවුන්ට සමීපතම ඇමැතිවරුන් කිහිපදෙනකුද සහභාගි වනු ඇති බවත්, අද උදෑසන 10ට ජනාධිපති කාර්යාලයේදී මේ සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

[කාශ්‍යප දිසානායක]

මාතෘකා