මහින්දගේ නිවසේ ඒකාබද්ධයේ විශේෂ රැස්වීමක්

 ඡායාරූපය:

මහින්දගේ නිවසේ ඒකාබද්ධයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වීමට නියමිත මේ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ සියලු සාමාජිකයන්ට සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වන මේ තීරණාත්මක සාකච්ඡාවේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව එහි ප්‍රබල සාමාජිකයෙක් පැවසීය.