ජනපති අගමැති දෙපැයක හමුවක්

 ඡායාරූපය:

ජනපති අගමැති දෙපැයක හමුවක්

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (04) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය විසින් මීට පෙර කරන ලද ඉල්ලීමකට අනුව සිදු වූ මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කැබිනට් අමාත්‍යවරු පිරිසක්ද
සහභාගී වූහ.
හෙට දිනයේදී ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට විපක්ෂව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීම හා යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳවත් එහිදී කතාබහට ලක් වී ඇත.
ඊයේ සන්ධ්‍යාවේ දෙපැයකට අධික කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මාතෘකා