දරුසෙනේඅ

 ඡායාරූපය:

දරුසෙනේඅ

තුරුදන්වූවන්ගේ ඥාතීහු ඒ-9 මාර්ගය වසති

යුද සමයේදී අතුරුදන්වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයන්ට වසර දෙකක් ගත වුවද මේ වන විටත් විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ (25) උදෑසන කිලිනොච්චිය නගරයේ දැවන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා උතුරු නැගෙනහිර යුද්දයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ඊයේ උදෑසන කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටට රැස්වූ ඔවුන් යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර ඒ හේතුවෙන් පැයකට අධික කාලයක් වාහන ගමනාගමනය නතර විය.

අනතුරුව විරෝධතාකරුවන් කන්දසාමි කෝවිල ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් කිලිනොච්චිය ඩිපෝ මන්සන්ධියේ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා ගමන් කර අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා සකස් කරන ලද සංදේශයක් කිලිනොච්චියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාල නිලධාරීන් වෙතට භාර දී තිබේ.

[ශේෂලා කංකානම්ගේ]

මාතෘකා