
සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට
මන්නාරම
මන්නාරම වෙරළ ප්රදේශයේ එක් ස්ථානයක සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 302ක් නාවික හමුදාව විසින් ඊයේ (14දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් උදෑසන සිදු කළ පා මුර සංචාරයකදී නීති විරෝධී ලෙස ඇල්ලූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.
මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඩිංගි යාත්රාවක් තුළ මලු 12ක සඟවා තිබියදී සොයා ගෙන ඇත. ඒ අනුව, සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි. මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පිරිස කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නොමැත.
[රසුල දිල්හාර ගමගේ]
ජනප්රිය ලිපි