සීගිරියේ දෑස් අඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට

 ඡායාරූපය:

සීගිරියේ දෑස් අඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට

වෙඩි වැදීමකින් හෝ අනතුරකින් ඇස් දෙක අන්ධව සීගිරිය අභය භූමියේ සහ ගම්මානවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියෙකු වනජීවී නිලධාරීන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යෑමට කටයුතු කරන ලදි.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ මෙම සත්වයා පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත්, මෙම අලියා සීගිරි අභය භූමියෙන් රැගෙන යෑමට පෙරදින රාත්‍රියේ අලියා නිර්වින්දනය කොට ගස් බැඳි බවත් සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

දෑස් නොපෙනෙන නිසා මෙම අලියා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගමන් කිරීම සහ ගස්වල හැපීම නිසා මෙන්ම වෙඩි තැබීම නිසා තුවාල රැසකට ලක්ව ඇති බව වනජීවී නිලධාරීහු අවධාරණය කරති.

මෙම සත්වයා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

[කාංචන කුමාර ආරියදාස]

මාතෘකා