විජේවීර ජේ ආර්ට ලියූ ලිපිය

 ඡායාරූපය:

විජේවීර ජේ ආර්ට ලියූ ලිපිය

ජේ.ආර්. විජේවීර හැඳින්වූයේ "රෝහාන් විජේවීර" නමිනි. ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ "ජාතික විමුක්ති පෙරමුණ" ලෙසය. වරක් 'ඕනම අවියක් අරගෙන ගෝල්ෆේස් එකට එන්න' කියා ජේ.ආර්.විජේවීරට අභියෝග කළේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ 1983 ජූලියේදීය තහනම් කළේය.
එහිදී අදාළ තහනම ඉවත් කරවා ගැනීම පිණිස රෝහණ විජේවීර එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ලිපියක් ලියනු ලැබීය. මේ ඒ ලිපියයි.

..........................................................................................................................................................................................................................................................................................................

රෝහණ විජේවීර 
ශ්‍රී ලංකාව
1983 ඔක්තෝබර් 8 වන දා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා 
ජනාධිපති මන්දිරය
කොළඹ 01 

01. අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාමාංශික පක්ෂය තහනම් කිරීම සම්බන්ධව.
02. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයන් සහ අනුගාමිකයන් අන්නතෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී     ලෙස රඳවා සිටීම සම්බන්ධව.
03. හදිසි තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක         රෝහණ විජේවීර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලයේ          සාමාජිකත්වය දරන උපතිස්ස ගමනායක සහ ජනතා විමුක්ති      පෙරමුණේ ප්‍රමුඛ පෙෙළ් දේශපාලකයෙකු වන සෝමවංශ අමරසිංහ     යන පිරිස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කළ නියෝගය පිළිබඳව.
04. ජවිප නායක රෝහණ විජේවීර ඝාතනය කිරීමට නියෝග කිරීම සහ     පොලිස් සහ හමුදා නිලධාරීන් විසින් ඔහු ඝාතනය කිරීමට තැත්         කිරීම පිළිබඳව
05. ජනතා විමුක්ති පෙරමුණ වෙත කෙරෙන අභූත චෝදනා, දේශපාලන මඩ ගැසීම්, සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව
ගරු ජනාධිපතිතුමනි,
1. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ 1982 ඔක්තෝබර්  පැවති ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වන රෝහණ විජේවීර වන මා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම්, ස්වභාවික යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යයේ නාමයෙන් පහත සඳහන් කරුණු වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. 
2. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය මත පදනම් වන විප්ලවවාදී දේශපාලන වැඩසටහනකට අනුකූලව කටයුතු කෙරේ. ජවිපෙ අවශ්‍යතාව වන්නේ දැන් පවතින ධනවාදී නිෂ්පාදන සහ බෙදීයාම සහ සමාජ ආර්ථික ක්‍රමය, තෝරාගත් නිෂ්පාදන ක්‍රමයක් සහිත සමාජ ආර්ථික ක්‍රමයකට, ජනතා වරමක් සහිතව වෙනස් කිරීමයි. ජනතා පරමාධිපත්‍යයට එරෙහි වන කිසිදු කටයුත්තක් ජවිපෙ මඟින් සිදු නොකරයි. පොදු ජනතාවගේ බහුතරයක් ස්ව කැමැත්තෙන් ජවිපෙ සමාජවාදී වැඩසටහන අපේක්ෂා නොකරන තාක් මෙම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයේ කටයුතු කරනු ඇත. ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් පත් කරන ලද ආණ්ඩුවක්, රටේ සුළුතරයක් ජනතාවගේ බලය භාවිතා කර, ජවිපෙ මඟින් පෙරලීමේ අපේක්ෂා කිරීමක්, අවශ්‍යතාවයක්, සැලැස්මක්, හෝ හැකියාවක් නොමැත. ජවිපෙ කුමන්ත්‍රණකාරී සංවිධානයක් නොවේ. එමඟින් ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කරන්නේ නැත. අතිගරු ජනාධිපතිවරයා බලයේ සිටී පසුගිය වසර 6ක කාලය තුළ පැවති සෑම මැතිවරණයකටම පාහේ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී ඇත. 1981 පැවති මැතිවරණයෙන් එම පක්ෂය දිස්ත්‍රික්ක 6 ක ආසන 15ක් තනිව ජයග්‍රහණය කිරීමට සමත් විය. 1982 වසරේ දී ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන් දක්වනු ලැබුවේ ද මෙම පක්ෂය සාමාන්‍ය මැතිවරණයක දී ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය, ප්‍රාජාතන්ත්‍රවාදී ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රාටවක් ඇති කිරීමෙහි ලා ඇති කැමැත්තයි.
3. ජවිපෙ සිංහල වේවා, දමිල වේවා, කිසිදු ජාතිවාදී හංවඩු ගැසීම් වලට විරුද්ධය. ජාතිවාදය යනු ජාතික සහ සමාජීය දියුණුවට ඇති ප්‍රධානතම බාධාවක් බව එහි අදහසයි. එම නිසා ජවිපෙ ඕනෑම ජාතිවාදී ප්‍රචණ්ඩත්වයකට කොන්දේසි විරහිතව විරුද්ධ වන බවට සහතික වේ.  ජනරජයේ සෑම පුරවැසියෙකුටම සහ සෑම ජාතියකටම සමාන අයිතීන් ලබාදීම ජවිපෙ ප්‍රතිපත්තියයි. වාර්ගික සීමාවකට ලක් කර රට දෙකඩ කිරීමට ජවිපෙ එරෙහි වන්නේ එය ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවන හෙයිනි. විද්‍යාත්මක සමාජවාදී වැඩසටහනක් ඇති මෙම පක්ෂය ප්‍රජාතාන්ත්‍රිකව මධ්‍යගත රාජ්‍යයක් සඳහා කටයුතු කරනු ලැබේ. එනම් ජාතික හෝ වෙනයම් වෙනසකට යටත් නොවී සෑම පුරවැසියෙකුටම එක සමාන ලෙස අයිතීන් ඇති ඒකීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.
4. ජූලි මාසයේ සිදු වූ නින්දිත ක්‍රියා වලට ජවිපෙ කිසිදු සම්බන්ධයක් නැති අතර එය අප විසින් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකිමු. 1983 ජූලි මාසයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් වලට ජවිපෙ සම්බන්ධයක් නොමැති බව අපරාධ විමර්ශන අංශයේ සොයාගැනීම් වලින් තහවුරු වී ඇත. 
5. ජවිපෙ වෙනම රාජ්‍යයක් සඳහා කටයුතු කරන්නේ නැත. ජවිපෙ මෙම රට බෙදීමට විරුද්ධ අතර ප්‍රචණ්ඩක්‍රියා වලට ද විරුද්ධය. එය රජය සමඟ සටන් කිරීමට දේශයෙන් පිට භූමි වල හමුදා පුහුණුව ලබා දී නැත. ජවිපෙ නායකයින් වෙනත් රටවල සැඟවී සිට නැත. එහෙත් ජනතා පෙරමුණ හදිසි තත්ත්වයක් යටතේ තහනම් කර තිබේ. එහි නායකයින් රඳවාගෙන හෝ දඩයම් කරමින් සිටී. මා ජවිපෙ නායකයා වශයෙන් අසල්වැසි රට වෙත නීතිවිරෝධීව ගොස් සිටියේ නැත. එහෙත් මා ඝාතනය කිරීමට උප පරීක්ෂක වරුන් වන රන්ජිත් මලිගස්පේ මහතා, මතුරට මහතා සහ කරුණාදාස මහතා ආදීන්ට අනුව රහස් නියෝග නිකුත් කෙරී ඇත.
අහිංසක මිනිසුන් රඳවාගෙන ඝාතනය කර ඇත. මිනිස් දඩයම් බවට පත් කරගෙන හෝ ජීවිතය සඳහා සටන් කිරීමට සිදුවන තත්ත්වයට පත්කර ඇත. ඔවුන්ගේ බිරියන් ද දරුවන්ද, ඥාතීන් සහ සමීපතමයන්ට කිව නොහැකි අපහසුතා විඳින්නට කටයුතු කර ඇත. එහෙත් මෙම අපරාධ සැබවින්ම සිදුකළවුන්ට මේ කිසිදු දඬුවමක් ලබා දී නැත. ඔවුන්ට සාකච්ඡා සඳහා වට මේස වලට ද, රැස්වීම් වලට ද, ආරාධනා කර තිබේ. රජයේ නියෝජිතයන් ඔවුන් හමුවීමට වෙනත් රටවල් වලට යාමට තරම් කාර්ය බහුලය. අන් රටවල රාජ්‍යයන් සහ රාජ්‍ය දූතයින් මැදිහත්කරුවන් ලෙස යොදාගෙන ඔවුන් සමඟ සාකච්ඡා කර තිබේ. අවංක ලෙස මට අසන්නට ඇත්තේ මෙරටේ ඇතිවෙන්නට යන රාජ්‍ය ක්‍රමය මෙය ද යන්නයි?
6. ජවිපෙ මර්දනය සහ එහි නායකයින්, සාමාජිකයින් සහ අනුගාමිකයින් රඳවා ගනිමින්, මා සහ උපතිස්ස සහෝදරයා ඝාතනය කරන්නට  ආරක්ෂක නිලධාරීන් පිරිසකට රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් නියෝග ලබා දීම ජාතියේ අවශ්‍යතාවයන්ට නොගැලපේ. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජවිපෙ පිළිබඳ රජයට ලබා දී තිබෙන වැරදි තොරතුරු නිසාවෙන් බව අපගේ විශ්වාසයයි. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගොනු කර තිබෙන,

1. පසුගිය දා ඇතිවුණු ජූලි ජාතිවාදී කෝලාහලයට ජවිපෙ සම්බන්ධ බව,
2. යම් හමුදා කොටස් වලට රජය සමඟ විරසක වීමට පෙළඹවීම 
3. ජවිපෙ බොරු ප්‍රචාරයන් කිරීම
4. ජවිපෙ පවතින රජය පෙරලීමට කටයුතු කරීම.
5. ජවිපෙ රාජ්‍යය දෙකට බෙදීමට කැමති බවත්,
6. උතුර සහ නැගෙනහිර පවතින ත්‍රස්තවාදී සංවිධාන සමඟ ජවිපෙ සම්බන්ධ බව
7. 1982 ජනාධිපතිවරණයට පසුව ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කළ බවත්. 
යන අභූත චෝදනා මා විසින් ඉතා දැඩිලෙස පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මේවා සියල්ලම ඉතාම නොවැදගත් මඩ ප්‍රචාර, පරිකල්පන, පරිසකසුම් සහ විකෘති කිරීම් මනුෂ්‍ය ජීවිතයට කිසිදු ගරුත්වයක් නොමැති ගරුත්වයක් හෝ අභිමානයක් නොමැති නිලධාරීන්ගේය. ඉතා පරිනත දේශපාලඥයින් ලෙස මෙවැනි දූෂිත ඔත්තු නිලධාරීන්ගේ බොරු වාර්තා වලට හසු නොවිය යුතු බව මා පැවසුවොත් අතිගරු ජනාධිපතිතුමාද මා හා එකඟ වන බව මගේ අදහසයි. මන්ද යත් එවැනි දෙයක් වුවහොත් එය දේශයේ මළගම බවට පත් වන නිසාවෙනි.
අවසන් වශයෙන් මා ඉතා වගකීමෙන් පවසා සිටින්නේ ජවිපෙ කිසිසේත්ම වෙනත් රටක් සමඟ රහස් සම්බන්ධතා ඇතිකරගෙන නොමැති බවයි. මෙම පක්ෂය වෙනත් රටක ඇති කිසිදු පක්ෂයකින් මූල්‍යමය ආධාර හෝ වෙනත් සහයක් ලබාගෙන නොමැත. මෙම විශාල ජාතික ව්‍යසනය වලකනු වස්, රටේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය නැවත ඇතිකරනු වස්, මෙම ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික බව තව දුරටත් පවත්වාගෙන යනු වස්, මෙම තීරණාත්මක පැයේ දී මා විසින් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ඇති තහනම වහාම අත්හිටුවා, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කර, මා ද ජවිපෙ අනෙකුත් නායකයින් අත්අඩංගුවට ගැනීමට කර ඇති නියෝගය නවත්වන ලෙසත්, මා ඝාතනය කිරීමට රජය විසින් හෝ  රජයට අනුබද්ධිත වෙනත් පාර්ශවයකින් නිකුත් කර ඇති යම් රහස් නියෝගක් වේ නම් එය ද අත්හිටුවන ලෙසයි.
මේ ජාතික සමාදානය ඇති කිරීමට ඇති එකම මාර්ගයයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා ඇති එකම මාර්ගයයි.

ස්තූතියි,
ඔබගේ විශ්වාසී,
රෝහණ විජේවීර
ජනතා විමුක්ති පෙරමුණු නායක.

මාතෘකා