හිටපු ඇමති මංගලගේ පාක්ෂිකයෝ රැසක් පොහොට්ටුවට එක් වෙති

 ඡායාරූපය:

හිටපු ඇමති මංගලගේ පාක්ෂිකයෝ රැසක් පොහොට්ටුවට එක් වෙති

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් ඊයේ (13) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හමු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට එකඟතාව පළ කළහ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් එක්ව රට සංවර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළටත් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දිස්ත්‍රික්කය තුළ සිදු කරනු ලබන මහත්මා දේශපාලනයටත් සහය දැක්වීමක් ලෙස මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දීමට තීරණය කළ බව ඔවුහු අබේව්ර්ධන මහතා හමු වී පැවැසූහ.

[නුවන් කොඩිකාර]

News Order: 
3
මාතෘකා