උතුරේ දුකට විසඳුම් ඉල්ලා විග්නේෂ්වරන් රජිනිකාන්ත් හමු වෙයි

 ඡායාරූපය:

උතුරේ දුකට විසඳුම් ඉල්ලා විග්නේෂ්වරන් රජිනිකාන්ත් හමු වෙයි

උතුරේ ජනතාව පීඩා විඳින ගැටලු සොයා බලා ඒවා විසඳීමට ඉදිරිපත් වන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා දකුණු ඉන්දියාවේ සුප්‍රකට නළු රජිනි කාන්ත්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාත්‍යන්තර දෙමළ ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද 06 වැනි සැමරුම් වැඩසටහනට ආරාධිත දේශනයක් පැවැත්වීමට ඉන්දියාවේ චෙන්නායි නුවරට ගිය සී.වී. විග්නේශ්වරන් මහතා රජිනි කාන්ත් මහතාගේ නිවසට ගොස් ඔහු බැහැ දැක ඇති අතර එහිදී පැවැත්වූ‍ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ හා උතුරු පළාතේ දේශපාලන තත්ත්වය, යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ උතුරු පළාතේ ජනතාවගේ ජන ජිවිතය සම්බන්ධයෙන් එහිදී ඔවුන් දෙදෙනා කථා කර තිබේ. මේ සාකච්ඡාවෙන් පසුව තමන් උතුරු පළාතේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාතේ සංචාරයකට එක්වීමට කැමැත්තෙන් පසුවන බවද රජිනිකාන්ත් මහතා විග්නේශ්වරන් මහතාට ප්‍රකාශ කර ඇත.

[රසුල දිල්හාර ගමගේ]

News Order: 
1
මාතෘකා