පක්ෂය තෝරන අපේක්ෂකයාට සහාය දෙනවා - කරු

 ඡායාරූපය:

පක්ෂය තෝරන අපේක්ෂකයාට සහාය දෙනවා - කරු

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට වඩා තමාට වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමඟිය වන බවත් ඒ වෙනුවෙන් තමාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කැප කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර ඇති බවත් කථානායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (22) ‘රැස’ කළ විමසුමකදී පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා කවරෙක්ද යන්න තමාට අදාළ නොවන බවත් කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවද එම අපේක්ෂකයා ජයග්‍රාහණය කරවීමට කථානායකවරයා තමාගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බවත් හෙතෙම පැවසීය.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ සියලු බලවේග එක්ව සමගිව එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජයග්‍රාහී ස්වරූපයෙන් මුහුණ දෙනු දැකීම කථානායකවරයාගේ අපේක්ෂාව බවද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

 

මාතෘකා