ගෝඨාභයට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දී නැහැ

 ඡායාරූපය:

ගෝඨාභයට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දී නැහැ

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබුණද ඔහුට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දී නොමැති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) කොළඹදී පැවැති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“තවමත් ගෝඨාභය මහින්දගේ සෙවණේ වැඩෙන කෙනෙක් ලෙසයි දකින්න තියෙන්නේ. ඒ අනුව අපි ජාතික ජන බලවේගයෙන් නිවැරදි නායකයෙක් තෝරාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා රටේ ජනතාව තුළත් අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. අපි මේ දේශපාලන සදාචාරයත් රැකගෙන මෙරටේ ජනතා අපේක්ෂා ඉටු කරමින් පුළුල් අරමුණකින් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. දැනට මෙරටේ ක්‍රියාත්මක වන ශක්තිමත්ම හා ජනප්‍රියම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්. දැන් සමහර අය මතයක් ගොඩනඟන්න හදනවා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති අනුර කුමාර දිසානායක ජනපති අපේක්ෂකයා අතරමඟදී ඉල්ලා අස්වෙනවා කියලා. අපි ඉතා වගකීමෙන් කියන්නේ අපේ අපේක්ෂකයා ඉල්ලා අස්වෙන්නේ හෝ පරාජය වෙන්නේ නෑ. අපි අපේක්ෂකයා ඉදිරිපත් කළේ පුළුල් අරමුණක් ඇතිවයි. ඒ අරමුණ ජයග්‍රහණය කරන තුරු අපි කුමන හේතුවක් නිසාවත් අපේ අපේක්ෂකයා ඉල්ලා අස්වෙන්නේ හා අස්කර ගන්නේ නෑ. අද රටේ පවතින මේ සමාජ ක්‍රමය වෙනස් කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. මේ නිසා මේ රටේ ජනතාව මේ අවස්ථාවේදී ගත යුතු බුද්ධිමත්ම තීරණය වන්නේ මේ ජාතික ජන බලවේගය සමඟ එකතු වීමයි.”

මාතෘකා