විපක්ෂනායක රනිල් කථානායක පිළිගනී

 ඡායාරූපය:

විපක්ෂනායක රනිල් කථානායක පිළිගනී

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව තමන් එක්සත් ජාතික පෙරමුණේ නායකයා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා වශයෙන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

සිය 'ට්විටර්' ගිණුමින් ඊයේ (27) නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම කිසිසේත්ම නොකළ යුතු අතර එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ගැටලු ඒ තුළම විසඳා ගත යුතු බව සිය අදහස වන බවත් ඒ බව විපක්ෂනායක ධුරය පිළිබඳව මත දක්වන අභියෝගකරුවන් වෙත අවධාරණය කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

[ශිවන්ති ප්‍රනාන්දු]

 

News Order: 
1
මාතෘකා