අවසන් ජනරැළියට සජිත් මරදානේ - ගෝඨා හෝමාගම අනුර මහරගම

අවසන් ජනරැළියට සජිත් මරදානේ - ගෝඨා හෝමාගම අනුර මහරගම

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ අවසන් ජන රැළි එළඹෙන 13 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් ජන රැළිය 13 වැනිදා පස්වරු 8.30ට කොළඹ මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී පැවැත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ අවසන් ජන රැළිය 13 වැනිදා පස්වරු 6.00ට හෝමාගමදී පැවැත්වේ. එමෙන්ම ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන අවසන් ජනරැළිය 13 වැනිදා මහරගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
9