බලයට පත්වූ වහාම එක රටක්, එක නීතියක් ස්ථාපිත කරනවා

 ඡායාරූපය:

බලයට පත්වූ වහාම එක රටක්, එක නීතියක් ස්ථාපිත කරනවා

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක

තමන් හමුදාපතිව සිටි සමයේදී අන්තවාදී කණ්ඩායම් පිළිබඳව වාර්තා වගකිවයුත්තන්ට ලබා දුන් බවත් තමන් බලයට පත්වූ වහාම එක රටක්, එක නීතියක් ස්ථාපිත කරන බවත් හිටපු යුද හමුදාපති, ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය.

හලාවත මාදම්පේ සෙඩෙක් ආයතනයේ පැවැති කතෝලික ආගමික වත්පිළිවෙත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා ඒ බව කියා සිටියේය. ඒ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පෙරේදා (03) පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර හලාවත නගරයේ හා බස් නැවතුම්පොළේ අත්පත්‍රිකා බෙදීමකටද සහභාගී විය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

"අපි ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුළු වගකිවයුත්තන්ට අවශ්‍ය බුද්ධි තොරතුරු කාලයක සිට ලබා දුන්නා. නමුත් මේකට හේතු වුණේ නායකත්වයක් ගැනීමට හා තීරණයක් ගැනීමට කෙනකු නොසිටීමයි. අපි හිතන්න ඕනෑ 21 වැනිදා ප්‍රහාරය වන විට කා අතේද නීතිය හා සාමය අමාත්‍යාංශය තිබුණේ කියලා. යුද හමුදාවට, නාවික හමුදාවට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. අපිට බලය ලැබුණු ගමන් තමයි අපි වහා ක්‍රියාත්මක වෙලා දින හතරක් ඇතුළත මේ ප්‍රශ්නය නිරාකරණය කළේ. ඒ වගේම මම බලයට පත් වූ වහාම එක රටක්, එක නීතියක් ස්ථාපිත කරනවා."

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

News Order: 
10
මාතෘකා