2015දී ඔබ කළ දේ මෙදා අපි කරනවා

 ඡායාරූපය:

2015දී ඔබ කළ දේ මෙදා අපි කරනවා

චන්ද්‍රිකා මෛත්‍රීට ලියයි

2015දී ජනාධිපතිවරණයෙන් මෙන්ම මහමැතිවරණයෙන් පරාජයට පත් වන්නට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන්, සියලුදෙනා එක්ව බේරාගෙන ජයග්‍රහණය කළාක් මෙන් මෙවර බලලෝභී විනාශකාරීන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරමින් උත්සාහ කරන පක්ෂය බේරා ගෙන ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගත් බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (04) ලිපියක් මඟින් දන්වා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා ඒකමතික තීරණයක් නොගෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන තමාට 2018 වසරේ ජූනි මස සිට මේ දක්වා පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් දැනුම් දී නැති බවත් 2019 හිටපු ජනාධිපතිවරිය එම ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම පිළිබඳ තම අදහස සාධාරණ හේතු සහිතව මීට වසර එක හමාරකට පෙර මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවස්ථා කීපයකදී ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දුන් නමුත් අද වන තෙක් මෙම තීන්දුව පිළිබඳව තමා ඇතුළු විධායක කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට විධිමත් පරිදි දැනුම් දී නැති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
3
මාතෘකා