ලංකාවේ සෑම ජන කොටසකටම එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි : මන්ත්‍රී දුමින්ද දිසානායක

 ඡායාරූපය:

ලංකාවේ සෑම ජන කොටසකටම එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි : මන්ත්‍රී දුමින්ද දිසානායක

ශ්‍රී ලංකාව තුළ පොදුවේ සියලු ජන කොටස්වලට එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එය පිළිගැනීමට නොහැකි අය වෙනත් රටක් වෙත ගියාට කිසිදු ගැටලුවක් නොමැති බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (07) පාර්ලිමේන්තුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“අමතක කරන්න එපා. මේක බෞද්ධ රටක්. බෞද්ධයා මුල්වෙච්ච සමාජයක් පවතින රටක්. අපි බෞද්ධ ජනතාවට ස්තූතිවන්ත විය යුතුයි. මං හිතන්නේ අපි හැමෝටම ඒ ස්තූතිය කරන්න අමතක වුණා. හැබැයි අපි මතක් කරන්න ඕන. ඒ බෞද්ධ ජනතාව බැරිවෙලාවත් නැඟිට්ටා නම්, බෞද්ධයන් කුපිත වුණා නම් මීට වඩා මහා විනාශයක් වෙනවා. ඒ නිසා මං මේක අවස්ථාවක් කර ගන්වා බෞද්ධ ජනතාවට හා බෞද්ධ ආගමික නායකයන්ට මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්නේ නැතිව, මේ ප්‍රශ්නය උග්‍ර කරන්නේ නැතිව ඒ ලබා දුන්න සහයෝගය පිළිබඳව. මම බෞද්ධ සමාජයට ස්තූතිවන්ත වෙනවා අද මේ රටේ සියලුම අනෙකුත් ජාතීන්වලට 18 වෙනකල් ඉන්න ඕන බඳින්න. 18 මාසෙකට කලින් බැන්දොත් හිරේ විලංගුවේ දානවා. හැබැයි ඉස්ලාම් ධර්මය තුළ වැඩිවියට පත් වුණු ළමයට අවුරුදු 15දී බඳින්න පුළුවන්කම තියනවා. ආගමික වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි රටේ නීතිය එකක් විය යුතුයි. ඒ නිසා සියලු පක්ෂ මේක අත්දැකීමක් කරගෙන එක රටක්, එක නීතියක් කියන සංකල්පය අපි මේ රටේ ස්ථාපිත කරන්න ඕන. ලංකාවේ විශාල කතාබහක් තිබෙනවා තිබෙන පාසල් සියල්ල පොදුවේ ඉගෙන ගන්න පුළුවන් ඒවා වෙන්න ඕන කියලා. එහෙම නැතිව අපි දරුවෙකුව අවුරුදු 18ක් එක වර්ගයක් එක්ක තියලා එක විදියකට පුරුදු කරලා අපි ඊළඟ අවුරුද්දේ කියනවා උඹ යාළු වෙයං අහවල් ජාතියත් එක්ක කියලා. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ වෙලාවේ මුස්ලිම් දේශපාලන නායකයින් මේක බෞද්ධ රටක් කියලා පිළිගන්නවා. ඒ වගේම අපේ පැත්තෙන් තියන අඩු පාඩු හදාගන්නම් කියලාත් කියා තියනවා. හැබැයි ඒක මේ වෙලාවේ විතරක් පිළි අරගෙන හරියන්නෙ නෑ.

“මුස්ලිම් නායකයින් ටික තමන්ගේ වැරදිකාරයන්ව මේ සමාජය ඉදිරිපිට පෙන්වන්න ඕනකම තිබෙනවා ඒක අපි පෙන්වන්න ගියොත් අපි ජාතිවාදීන් වෙනවා. අපි ජාතිවාදී්න් නෙමෙයි, අපි ජාතිකවාදියෝ. හැබැයි මුස්ලිම් දේශපාලන නායකයන්ට, ආගමික නායකයන්ට පුළුවන්කම තිබෙනවා තමන්ගේ ආගම තුළත් මේ රටට ගැලපෙන්නේ නැති කෑලි තිබෙනවා නම්, මේ රටට ඔබින්නෙ නැති කෑලි තිබෙනවා නම් ඒ ටික එක්කෝ නිශ්ශබ්ද කරන්න. එක්කෝ හකුළා ගන්න. එහෙම නැතිනම් ඒ දේවල් පිළිගන්න රටකට ඒගොල්ලෝ යන්න ඕන. මේ බෞද්ධ රටේ ඒ වගේම බෞද්ධ සංස්කෘතිය පිළිගන්න බෞද්ධයා මූලික වෙච්ච සමාජයක් කියන එක කටින් විතරක් කියවලා හරියන්නෙ නෑ. සමහර අයට වුවමනා වෙලා තියනවා නම් ෂරියා නීතිය හෝ මේ රටට ගැලපෙන්නෙ නැති නීතියක් ගේන්න අපි කියනවා බැරි කට්ටිය ඒ ගැලපෙන රටකට ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. මේවට දේශපාලනය ගාවගන්න එපා.

“දේශපාලනය නිසා තමයි අද පාර්ලිමේන්තුව බැනුම් අහන්නේ. අද සමාජය, රටවැසියා මොකද්ද කියන්නේ. මේ පාර්ලිමෙන්තුවේ 225ම එකට තියලා බෝම්බයක් ගහන්න ඕන කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද පාර්ලිමේන්තුව කියන තැන පිළිබඳව විශ්වාසය ගිලිහිලා තිබෙනවා. ඒ නිසා දේශපාලනය පැත්තකින් තියලා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද, ජනාධිපති වෙන්නේ කවුද, ආණ්ඩුව හදන්නේ කවුද කියන එක පැත්තකින් තියලා අපේ දරුවන්නේ අනාගතය වෙනුවෙන් ඒ නිවැරදි තීන්දු අරගෙන එක රටක් තුළ එක නීතියක් ඇති කරන යුගයක් ඇති කරන්න සියලු දෙනා කටයුතු කරන්න එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා.”

මාතෘකා