මහින්ද ජවිපෙ සමඟ නම් විමල් වෙනතක

 ඡායාරූපය:

මහින්ද ජවිපෙ සමඟ නම් විමල් වෙනතක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි පවසන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා සමග පවතින දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා. ම. විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ 'රටට මොකද වෙන්නේ' යන තේමාව යටතේ පසුගියදා මොරටුව නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහින්ද කඳවුරේ සිටියදී 'විධායක ජනාධිපති ක්‍රමය එපා' යැයි කියන එජාප - ජවිපෙ සමග එක්ව කටයුතු කරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉවත් වීමට ජාතික නිදහස් පෙරමුණ ප්‍රමාද නොවන බව හෙතෙම අවධාරණය කළේය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා