පොහොට්ටුවෙන් වෙල්ගම විසි වෙයි

පොහොට්ටුවෙන් වෙල්ගම විසි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පොහොට්ටුවේ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පත්කිරීමට පෙරේදා (29) බදුල්ල පුරහලට රැස් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ රැස්වීමකදී තීන්දු කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හා විවිධ ප්‍රකාශක මඟින් පොදුජන පෙරමුණ අපහසුතාවට පත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

[කමල් ශ්‍රී ලියනගේ]

මාතෘකා