මැතිවරණ ලකුණ ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා

 ඡායාරූපය:

මැතිවරණ ලකුණ ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා

බැසිල් රාජපක්ෂ

මැතිවරණවලට ඉදිරිපත් වෙන සලකුණ සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු තීරණයක් ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා (18) සමස්ත ලංකා පළාත් පාලන නියෝජිත සංසදයේ මන්තී‍්‍රවරුන් බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් බාර දුන් අවස්ථාවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

“මේ වෙද්දි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විවිධ සංවිධාන මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක සංවිධාන මගින් පවා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියලු යෝජනා අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරඟ කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තීන්දුවක් ගනියි. පළාත් පාලන ආයතන ජය ගත් ඔබගෙන් මේ ඉල්ලීම ඉදිරිපත් වීම ගැන සතුටුයි. අපේ නායකතුමාට හොඳ තීන්දුවක් ගන්න සලස්වමු. මගේ පෞද්ගලික තීරණයත් ඒකයි. අපි අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පක්ෂයක් විදියට අපේ සහෝදර පක්ෂ අමතක කරන්නත් බැහැ. ගියවරත් පළාත් පාලන ආයතන මැතිවරණයට අපේ සහෝදර පක්ෂ එක්කයි ඉදිරිපත් වුණේ. ඒ පක්ෂවලට සභාපතිකම්, නගරාධිපතිකම් පවා දුන්නා. ඒ අයත් පොහොට්ටුවේ අගය ගැන දන්නවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාධාරණ හොඳ තීන්දුවක් ගන්නවා.”

මාතෘකා