අයවැයට ශ්‍රීලනිප 20කගේ සහාය අජිත් මාන්නප්පෙරුම කියයි

 ඡායාරූපය:

අයවැයට ශ්‍රීලනිප 20කගේ සහාය අජිත් මාන්නප්පෙරුම කියයි

අයවැය යෝජනාව සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 20දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (06) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ගමන හෙමින් නමුත්, සාර්ථක එකක් බව මේ වන විට බොහෝ දෙනා තේරුම් ගෙන ඇති බවත්, ඒ අනුව අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයද සහාය වීමට කැමැත්ත පළ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හෙතෙම එහිදී මෙසේද පැවසීය

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20කට අධික පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය දීලා අයවැය සම්මත කරගැනීමට සහාය දෙනවා. වර්තමාන දේශපාලන අර්බුදය තුළ ඡන්ද දායකයන් මෙන්ම පක්ෂ විපක්ෂ සියලු දෙනා අවබෝධ කර ගත්ත කරුණක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ගමන හෙමින් නමුත් සාර්ථක එකක් බව. ඒ නිසා අයවැය ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බවට අවධාරණයෙන් කියන්න පුළුවන්."

මාතෘකා