ව්‍යවස්ථා විරෝධී ජාතික ආණ්ඩුවකට ඉඩක් නැහැ

 ඡායාරූපය:

ව්‍යවස්ථා විරෝධී ජාතික ආණ්ඩුවකට ඉඩක් නැහැ

ඇමති කබීර් හෂීම්

ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් සෑදීමට කිසිම විටෙක ඉඩ නොදෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (20) දැදිගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් පැවසීය.

පොදු පරමාර්ථය ඉෂ්ඨ කිරීම උදෙසා දේශපාලන පක්ෂ පාට අමතක කර එක් වේදිකාවකට නැඟීම වෙනුවෙන් මෙවැනි ජාතික ආණ්ඩු සංකල්පයක් නිර්මාණය කළ බවත් රටක් ගොඩ නැඟීමට නම් එක මතයක් දරාගෙන එක වැඩපිළිවෙළකට යෑම අත්‍යවශ්‍ය වන බවත් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා