ගෙජ්ජිය බඳින්න කෙනෙක් ඉදිරිපත් වෙලා - මැකොස කියයි

 ඡායාරූපය:

ගෙජ්ජිය බඳින්න කෙනෙක් ඉදිරිපත් වෙලා - මැකොස කියයි

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ කිසිඳු විරෝධතාවක් නොමැති බවත්, හෙජ්ජිය බැඳීමට කෙනෙකු ඉදිරිපත් වීම යහපත් තත්ත්වයක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කල් දමා තිබෙන කල්දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට මැන්ඩමුස් රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් 'රැස' කළ විමසීමකදී සභාපතිවරයා මේ බව පැවසීය.

"මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට එකඟතාව පළ කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඉක්මනින් කටයුතු කරන බවට තමන් මැතිවරණ කොමිසම විශ්වාස කරනවා. ඒ අතර පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටත්, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අධිකරණයේ සහය පැතිය යුතු බවටත් ඇතැම් පාර්ශ්ව යෝජනා කරනවා. අපි ඒ ගැනත් අධ්‍යනය කරමින් ඉන්නේ." යැයිද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාතෘකා