ජාතික ආණ්ඩු යෝජනාව ඇමති මණ්ඩලය වැඩි කිරීමට නොවේ

 ඡායාරූපය:

ජාතික ආණ්ඩු යෝජනාව ඇමති මණ්ඩලය වැඩි කිරීමට නොවේ

ඇමතිනී තලතා අතුකෝරල

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව වන්නේ රටේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ සංවර්ධනය කළ අතුරු මාර්ග කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"මේ රටට පාලනය කරන්න පුළුවන් විදියේ ඇමතිවරු සංඛ්‍යාවක් පත් කරගන්න අපි තීරණය කළ යුතුයි. රටේ තිබෙන වැඩ කටයුතු දිහා බලනකොට අපට විශාල රටක තිබෙන ඇමති මණ්ඩලයක් දිහා බලලා ඒ ඇමති මණ්ඩලය අපි පත් කරගත යුතු නෑ. එහෙම ඇමති මණ්ඩලයක් අපට අවශ්‍යද කියන එක ගැන අපටත් ගැටලුවක් තිබෙනවා" යැයි කී අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“2015දී ජනාධිපතිතුමාව පත් කරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනා විශාල කැපකිරීමක් කරලා. එතකොට අපිත් ජනාධිපතිතුමාත් එක ආණ්ඩුවක් විදිහට දිගටම වැඩ කරගෙන යන්න නම් අපට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව තිබෙනවා වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඒක පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුයි."

[සම්පත් ප්‍රියනන්දන] බලන්ගොඩ විශේෂ

 

මාතෘකා