ඉදිරියටත් ජනතාව වෙනුවෙන් කැප වෙනවා

 ඡායාරූපය:

ඉදිරියටත් ජනතාව වෙනුවෙන් කැප වෙනවා

හිටපු ජනපති මෛත්‍රී

ජනාධිපති ධුරයෙන් නික්ම ගියද නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියටත් පොදු මහජනතාව වෙනුවෙන් කැප වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන සංසදයේ නියෝජිතයන් විසින් සංවිධානය කළ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති 'මෛත්‍රී ප්‍රසාද ප්‍රණම' උත්සවයට පෙරේදා (30) සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 17 වැනිදා 2019 ජනාධිපතිවරණය අවසානයේදී ගැසට් නිවේදනයට අත්සන් තැබූ ඓතිහාසික සෝමාවතී පුදබිම - පූජා නගරයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් වෙත පිරිනැමීමද එහිදී සිදු විය.

 

[ශිවන්ති ප්‍රනාන්දු]

News Order: 
2
මාතෘකා