ජනපතිවරණය ගැන අපිට කලබලයක් නෑ

ජනපතිවරණය ගැන අපිට කලබලයක් නෑ

සිවාජිලිංගම් කියයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සියලු දෙනාම සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන තුරු අපේක්ෂකයන් සම්බන්ධයෙන් කලබලකාරී ලෙස ප්‍රතිචාර නොදක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැනුම් දී තිබෙන බවත් අශ්වයෙකුගේ නමක් හෝ ජොකියෙකුගේ නමක් නොමැතිව මිනිසුන් රේස් ඔට්ටු නොඅල්ලන බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන්දැයි තවමත් නිශ්චිත වශයෙන්ම නොදැන සිටීම හේතුවෙන් කිසිවෙකුත් කලබල නොවී සිටිය යුතු බවය.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව එම පක්ෂය නිවේදනය කළද මෑතකදී එම අපේක්ෂකයා වෙනස් විය හැකි බව එම පක්ෂයම යළි ප්‍රකාශ කොට තිබීම විහිළුවක් බවත් දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකු මේ අවස්ථාවේදී කිසිම තීරණයක් නොගත යුතු බව තමන් දැනුම් දී ඇති බවත් පැවසූ ශිවාජිලිංගම් මහතා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ මත බෙදීමක් වී නොමැති බවද අවධාරණය කළේය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා