අපි නියම වෙලාවට නියම අපේක්ෂකයා දෙනවා

 ඡායාරූපය:

අපි නියම වෙලාවට නියම අපේක්ෂකයා දෙනවා

අමාත්‍ය ගයන්ත කරුණාතිලක

එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ ශිෂ්ටසම්පන්න ක්‍රමයකට බවත් අතීතයේදී මෙන්ම ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රමයට ගරු කර; ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රටම ඉල්ලන සහ සුදුසුම නායකයා ඉදිරිපත් කරන බවත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (11) ගාල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අපේ පක්ෂය ජේ. ආර්. ජයවර්ධන, ෙප්‍ර්මදාස මැතිතුමාගේ කාලයේ ඉඳලම වැඩකරපු ක්‍රමයක් තිබුණා. මේ එන ජනාධිපතිවරණයටත් අපේ පක්ෂයේ නායකයන්ගේ කෘත්‍යාධිකාර මණ්ඩලය එකතුවෙලා දිනන්න පුළුවන් සුදුසුම සහ ජනප්‍රිියම නායකයා ඉදිරිපත් කරනවා. පොදුජන පෙරමුණ ගැන කියන්න ලොකු දෙයක් නෑ. ඒගොල්ලො හැමදාම රැස්වීම් පැවැත්වුවා. අනුරාධපුරයේ රැස්වීමක් තියෙනවනම් ගාල්ලෙ මිනිස්සුත් ඒකට අරන් ගියා. ගාල්ලේ රැස්වීමක් තියෙනවනම් අනුරාධපුරේ මිනිස්සුත් එක්කගෙන ආවා. සමෘද්ධි නිලධාරීන් ඡන්ද වැඩවලට යොදා ගත්තා. ඒ ඔක්කොම කරලත් විධායක ජනාධිපතිකමත් තියාගෙන අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඔය කියන විධායක ජනාධිපති ගෙදර යැව්වා.”

මාතෘකා