‘ගෝඨාගෙන් පණිවිඩ එනවා’ රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නෑ

 ඡායාරූපය:

‘ගෝඨාගෙන් පණිවිඩ එනවා’ රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නෑ

සරත් ෆොන්සේකා කියයි

පරණ දේවල් අමතක කර තමන් සමඟ එක් වන ලෙසත් ප්‍රබල අමාත්‍යාංශයක් භාර දීමට සූදානම් බවත් රාජපක්ෂ කඳවුරෙන් දැනටමත් අරාධනා ලැබෙන නමුත් රෑ වැටුණ වළේ දවල් වැටීමට තමන් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු ලෙස එසේ පැවසූ ෆොන්සේකා මහතා තව දුරටත් මෙසේ පැවසීය.

"මම යුද හමුදාපතිධුරය දරණ කාලයේ අනෙකුත් හමුදා දෙකේ ප්‍රධානීන්ව හිටපු අයට, සම ධුර ලබා දීම ගැන ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු ලෙස මම විවේචනය කිරීම සාදාචාරාත්මක නැහැ. නමුත් එම පුද්ගලයන් දෙදෙනාට එම ධුරය ලබා දීම ගැන මම සතුටු වෙන්නේ නැහැ. එම ධුරය ලබා දෙන කොට එම ධුරයට අදාළව සුදුසුකම් තියෙන්න ඕන."

මාතෘකා