මේ රට රාජපක්ෂ බූදලයක් නෙවෙයි

 ඡායාරූපය:

මේ රට රාජපක්ෂ බූදලයක් නෙවෙයි

 අමාත්‍ය මංගල සමරවීර

ශ්‍රී ලංකා රාජ්‍ය සහ එහි ජීවත්වන ජනතාව තමන්ගේ පෞද්ගලික ධනයක් ලෙස සලකා කටයුතු කිරීමට දෙවැනි වරටත් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (11) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ තම සොහොයුරෙකු ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට කටයුතු කරමින් අගමැති ධුරයට පත්වීමට තමන්ගේ ඇති අභිලාෂය රට හමුවෙන් විදහා දක්වා ඇති බවයි.

‘වසර පහකට ආසන්න කාලයකට පසුව මහින්ද රාජපක්ෂ මහතා යළිත් තමන්ගේ සහෝදරයෙක් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කර තිබෙනවා. ඔහුගේ අනෙක් සහෝදරයාට කතානායකකම බාරදෙන්නත් සිව්වැනි සහෝදරයාට රටේ ආර්ථික බාරදෙන්නත් ඔහුගේ පුත්‍රයා තමන්ගෙන් අනතුරුව අනුප්‍රාප්තිකයා වශයෙන් නම්කරන්නත් ගන්න සැලසුමෙන් අපට හැමදෙයක්ම පැහැදිලි වෙනවා. ඒක මහින්ද රාජපක්ෂගේ මානසික ස්වභාවය. ඔහු සිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව කියන්නෙත් එහි ජීවත්වන පුරවැසියෝ කියන්නේත් තමන්ගේ බූදලයක් කියායි’ යැයි මංගල සමරවීර මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

මාතෘකා