කොමියුනිස්ට් පක්ෂය දෙදරන ලකුණු

කොමියුනිස්ට් පක්ෂය දෙදරන ලකුණු

විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්දව මත දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ බෙදීමක් හටගෙන තිබේ.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඊට එකඟ නොවන බව එම පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා සහ ඔහුගේ හිතවාදීන් පවසා තිබේ. ඔහු දිගින් දිගටම මිලිටරි ආඥාදායකත්වය ප්‍රතික්ෂේප කළ නායකයෙකි.

කෙසේ වෙතත් එම පක්ෂයේ තවත් පිරිසකගේ මතය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවයි. පක්ෂයේ මහ ලේකම්වරයා වන රාජා කොල්ලුරේ, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවේ අමාත්‍ය පදවි දැරූ වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් එම මතයේ සිටිති. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රබල අභ්‍යන්තර අරගලයක් හටගෙන තිබේ.

මාතෘකා