නව රජයට ලේක්හවුස් ප්‍රගතශීලි සේවක සංගමයේ සුබ පැතුම්

 ඡායාරූපය:

නව රජයට ලේක්හවුස් ප්‍රගතශීලි සේවක සංගමයේ සුබ පැතුම්

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම වෙනුවෙන් එයට ශුභාසිංසන පළ කරමින් ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතශිලී සේවක සංගමය විසින් උත්සවයක් සංවිධානය කර තිබිණි.

ඊට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන තේනුක විදානගමගේ, විජිත වේරගොඩ, ජානක වක්කුඹුර යන මහත්වරුද ප්‍රගතිශීලී සේවක සංගමයේ මව් සංගමයේ සභාපති සුමිත් විජේසිංහ, ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේක් හවුස් ශාඛාවේ සභාපති චන්දන බණ්ඩාර, එහි ලේකම් තිස්ස ධම්මික සහ ලේක්හවුස් ආයතනයේ පරිපාලනය නියෝජනය කරමින් සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන ඇතුළු සේවක සේවිකාවෝ පිරිසක්ද සහභාගි වූහ.

මාතෘකා