හාල්මැස්සෝ විතරක් නෙමෙයි තෝරු මෝරු ටිකත් අල්ලන්න ඕනේ : අමාත්‍ය සාගල රත්නායක

 ඡායාරූපය:

හාල්මැස්සෝ විතරක් නෙමෙයි තෝරු මෝරු ටිකත් අල්ලන්න ඕනේ : අමාත්‍ය සාගල රත්නායක

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ඉහළ පෙළේ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට රජය නව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ පසුගියදා මාතර තිහගොඩ ගල්බඩ ශ්‍රී දේවානන්ද විදුහලේ පැවති උත්සවයක් අමතමින්ය.

"වැඩිපුරම අහුවෙන්නේ හාල්මැස්සෝ ටික. ඒත් අල්ලන්න ඕනේ තල්මසුන් ටික. මෝරු ටික. ඒ ගොල්ලො අල්ලන්න බාධක තියනවා. ඒ බාධක නැති කරගන්න ඕනේ. විශේෂයෙන් ඒ අය හඳුනගන්න පොලීසියට විතරක් තනියම බැරිවෙන අවස්ථා තියනවා. ආයතන කීපයක් එකතු වෙන්න ඕනේ.

"කෙනෙකුගේ ආදායම ඔහු කරන දේට සරිලන ආදායමක්ද තියෙන්නේ, ජීවන රටාවද තියෙන්නේ නැත්නම් ඊට වඩා ලොකු මුදලක් ගන්නවාද කියලා බලන්න ඕනේ. මේ වගේ අය අඳුනගෙන ඒ අයට කොහොමද මේ ධනය එන්නේ කියලා බලන්න ඕනේ. අන්න ඒ වගේ මේක ඉලක්ක කරගෙන යන්න ඕනේ. නැතිනම් තල්මස්සු ටිකයි මෝරු ටිකයි අහුවෙන්නේ නැහැ. හැමදාම හාල්මැස්සෝ ටික විතරයි අහුවෙන්නේ.''

මාතෘකා