1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කටයුතු කරනවා : ඇමැතිනී තලතා අතුකෝරල

 ඡායාරූපය:

1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කටයුතු කරනවා : ඇමැතිනී තලතා අතුකෝරල

1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට හා දරුවන් පාසල් නොයවන දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඊයේ (09) රුපියල් මිලියන 19ක වියදමින් ඉදිකළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද ප්‍රකාශ කළාය.

“පාසැල් අධ්‍යාපනය එකේ ඉඳන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා. මං හිතන්නේ එන අවුරුද්ද වෙයිද ඊළඟ අවුරුද්ද වෙයිද දන්නේ නැහැ. කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා. අද කවුරුත් කථා කරන්නේ නැහැ සෞඛ්‍ය ඇමතිතුමා කොච්චර බෙහෙත්වල මිල අඩු කළානේ කියලා. කට ඇරියොත් කියන්නේ මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ශාසනේ ආරක්ෂා වුණා කියලයි.

“මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශතයක්වත් රටේ සල්ලි නැහැ. ඒකේ ඔක්කොම තියෙන්නේ සීගිරිය, පොළොන්නරුව, දඹුල්ල බලන්න එන පුරාවිද්‍යා ස්ථාන නරඹන කොට කඩන ඩොලර්වලින් විදේශිකයින් ගෙවන මුදල් තමයි. එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ අරමුදල් තමයි ඒකේ තියෙන්නේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි නැහැ.

විශාල ප්‍රමාණයක් කට්ටිය ඒකෙන් තමයි ගොඩාක් දේවල් කරේ. හැබැයි අපේ අගමැතිතුමාට පුළුවන් වුණා ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් දුෂ්කර පන්සල් වලට උදවු කරන කොට අපේ අගමැති තුමාට පුළුවන් වුණා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මේ පළමුවෙනි අවුරුදු තුනට විතරක් පන්සල් 1500කට ආසන්න ප්‍රමාණයකට උදවු කරන්න. අපි මේ වැඩ කරන්නේ කිසි දෙයක් අරන් යන්න නෙමේ. අපේ හාමුදුරුවෝ කිව්වනේ ඇත්ගාල වැව කොහොමද අපේ අයියා හැදුවේ කියලා.

අපි වැඩ කරනවා වැඩ කරන්න එපා කියලා ඔය ගොල්ලෝ ගෙදර ඉන්න මීට වඩා හොඳ කට්ටියක් ඇවිල්ලා වැඩක් කරනවා කිවුවොත් අපි තියලා ගෙදර යනවා. පක්ෂ දේශපාලනය නෙමෙයි ජලය ටිකක් ලැබෙනවැයි කියන්නේ අපි මේ කටයුතු කරන කොට අපි හැම තිස්සේම බලන්නේ මෙතන ඉන්නවා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් තුන් හතර දෙනෙක්ම ඒ අයගෙන් අහන්න පුළුවන් ඒගොල්ලන්ට එදාට වඩා මෙතන රාජකාරි කරන්න පුළුවන් ද කියලා කිසිම රජයේ නිලධාරියෙකුට අපි බලපෑම් කරන්න අපි සුදානම් නැහැ”

මාතෘකා