එදා විරුද්ධ වූ අය අද සංවර්ධණයේ ප්‍රතිලාභ ලබනවා : අමාත්‍ය පාඨලි චම්පික රණවක

 ඡායාරූපය:

එදා විරුද්ධ වූ අය අද සංවර්ධණයේ ප්‍රතිලාභ ලබනවා : අමාත්‍ය පාඨලි චම්පික රණවක

රට දියුණු කිරීමටනම් රටේ උගත් තරුණ පරපුර නවෝත්පාදනය වෙත යොමුකර නව රැකියා ක්‍ෂෙත්‍ර හදුන්වා දිය යුතු බවත් එහි ප්‍රමුඛ වගකීම රජය මත පැවරෙන නිසා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එකතු වී නවෝත්පාදන මධ්‍යස්ථාන ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (04) කොළඹදී පැවති උත්සවයකදී පැවසීය.

“රටක් වුණාම අරමුණක් තිබිය යුතුයි. අපේ රටේ තවදුරටත් නිදහස් වෙළඳ කලාප ඇතිකරලා ඒ මගින් රටට දියුණුවක් ඇති කර ගන්න බැහැ. අපේ විශාල උගත් තරුණ පිරිසක් සිටිනවා. ඒ අය අලුත් රැකියා ක්‍ෂෙත්‍රවලට යොමු කළ යුතුයි. ඒකට නවෝත්පාදනය අවශ්‍යයි. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය මගින් මෙහි නවෝත්පාදන මධ්‍යස්ථාන ඇති කරනවා. සියලුම පාසල් දරුවන්ට ඇවිත් නවීන විද්‍යාවේ අනාගත තොරතුරු එතන දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මෙතන සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති කරනවා. මේ හැම තැනකම අපි පොදුවේ වැඩ කරගෙන යනකොට අපට විවිධ ප්‍රශ්න, මාර්ගයක් හදන්න ගියහම වතුර නළ අහුවෙනවා, විදුලි පද්ධතියට හානි වෙනවා.

එදා නොබැඳි සමුළුව අවස්ථාවේදී රත්මලානේ ගුවන් තොටුපල වැඩිදියුණු කරනවාට ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වුණා. ඒ අනුව සිරිමාවෝ මැතිනිය කැනඩාවේ ආධාර ඇතිව කටුනායක ගුවන්තොටුපල හැදුවා. එයින් කටුනායක දියුණු වුණා. කටුනායක ගුවන්තොටපළ අසල උපාලි විජේවර්ධන මැතිතුමා නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කළා. එම ප්‍රදේශය දියුණු වුණා. එදත් ගොඩක් අය එයට විරුද්ධ වුණා. නමුත් එම ප්‍රදේශයට අරමුණක් ලැබුණා. එමගින් දසදහස් ගණන් රැකියා අවස්ථා ආදායම් ඇතිවුණා. මොරටු විශ්ව විද්‍යාලය ඇති කරනවාට ප්‍රදේශවාසීන් විරුද්ධ වුණා. නමුත් අද එම ප්‍රදේශයම දියුණු වුණා. කටුබැද්දට අරමුණක් ලැබුණා.

මෙම ප්‍රදේශයේ සහ මාලබේ ඇති කරන්න යන වැඩපිළිවෙළින් ප්‍රදේශයට පමණක් නෙමෙයි රටටම විශාල ආලෝකයක් ලැබෙනවා. එහි කොටස්කාරයෝ බවට ඔබත් පත් කරගන්න අපි කැමතියි. ඒ නිසා මේ ඉඩම් කොරියාවට විකුණනවා, පිටරටවලට විකුණනවා කියලා පට්ටපල් බොරු පතුරුවනවා. ඇත්තටම කොරියානු රජයට අපි ස්තූතිවන්ත විය යුතුයි. මොකද මේ සියලු සැලසුම් කටයුතු අපට නොමිලේ කරලා දුන්නේ ඒ රජයේ උදව්වෙන්. ඊළඟට මේ යටිතල පහසුකම් ආදිය නංවන්න අපේ ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබෙනවා, අපටත් වඩා දුප්පත්කමේ සිටි කොරියාව අද අපේ හැමෝම අතේ තිබෙන සැම්සුන් ෆෝන් එක, එල්.ජී. රූපවාහිනිය වගේම පාරේ යන්නේ හුන්ඩායි මෝටර් රථය, මුහුදේ යන්න හුන්ඩායි නැව් නිෂ්පාදනය කරනවා. නමුත් 1960 දී මේ රටේ පැල්පත්වාසීන්ට කිව්වේ කොරියාව කියලා. දැන් අපේ රටේ ළමයි පොරකනවා කොරියා යන්න”

මාතෘකා