පසුගිය ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගියා : අමාත්‍ය බන්දුල ගුණවර්ධන

 ඡායාරූපය:

පසුගිය ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගියා : අමාත්‍ය බන්දුල ගුණවර්ධන

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගිය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“දේශීයව හෝ වෙනත් ගෝලීය අර්බුදයක් හෝ නොමැති අවස්ථාවක මෙලෙස අධික ණය ලබාගැනීම සිදුවෙලා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා රට බාරගන්න කොට නොපියවා තිබූ ණය ප්‍රමාණය ට්‍රිලියන 03යි.

එතුමා මේ රට අවුරුදු 10ක් පාලනය කළා. තිස් අවුරුද්දකින් නිම කරන්න බැරි යුද්ධය නිම කෙරුවා. ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබුණා, ආහාර අර්බුදය තිබුණා, ඒ වගේම මුල්‍ය අර්බුදය තිබුණා. සියලු අර්බුද හමුවේ 2015 රට බාරදෙන විට රටේ තිබුණු මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 7යි.

අවුරුදු 10ක් තුළ වැඩි වුණු ණය ප්‍රමාණය ට්‍රිලියන 5යි. දැන් නොපියවපු ණය ප්‍රමාණය ට්‍රිලියන 11.4යි. අවුරුදු හතරක් ගතවුණෙත් නැහැ අවුරුද්දකට ට්‍රිලියනය බැගින් ණය වැඩිවෙලා තියෙනවා.

රට යන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙද්දි ජනාධිපතිතුමා නැත්තටම නැතිවෙලා තියෙන්නේ රට වගේම මුදල් අමාත්‍යාංශයත් බාරගෙන. දන්න විධියකට රට පාලනය කරලා රට බේරගන්න කියලා කිව්වා. ඒක ඉෂ්ට කරන්න යනකොට ඒක කරන්න නොදී අකුල් හෙලනවා.”

මාතෘකා