කථානායකවරයා ස්වාධීනව කටයුතු කළ යුතුයි : හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර

 ඡායාරූපය:

කථානායකවරයා ස්වාධීනව කටයුතු කළ යුතුයි : හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර

තමන් කථානායක ධුරය දරද්දී මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා නම් පාර්ලිමේන්තුව කැඳවන බවත්, දේශපාලනය කිරීම සහ දේශපාලනය ඉක්මවන කථානායක තනතුර හෙබවීම වෙනස් තත්ත්ව දෙකක් බවත්, එම තනතුරේ ස්වාධීනව කටයුතු කළ යුතු බවත් හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පෙරේදා (3) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමන් කථානායක ධුරයට පත් වූ බව කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පා නොතැබූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා, මෙසේද පැවසීය.

"ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් කලින් කළ ප්‍රකාශනයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරවාසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැකියි. මේ පවතින බලයේ හැටියට වාරවසානය කරලා මංගල සැසියත් පවත්වලා ආයෙත් ඇවිත් වාරවසාන කරන්නත් බැරි නැහැ. ඒ වාරවසානය කළාට පස්සේ බලය නැහැ. පණ නැහැ. පණ එන්නේ වාරවසානය අවසාන වෙන කොට. ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා වාරවසානය කරපු ජනාධිපතිවරයා විතරයි. වෙන එක එක්කෙනාට බැහැ."

මාතෘකා