මන්ත්‍රීධූරය මුදලට විකිනූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා : අමාත්‍ය වසන්ත සේනානායක

 ඡායාරූපය:

මන්ත්‍රීධූරය මුදලට විකිනූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා : අමාත්‍ය වසන්ත සේනානායක

රුපියල් මිලියන පන්සීයකට හෙවත් කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

තමා පිළිබඳ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින අසත්‍ය පුවත් පිළිබඳ අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුව තිබේ.

රටේ ඇති වූ, රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත තමා ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කළ අතර, කිසිදු අවස්ථාවක මුදලට තමා මන්ත්‍රී ධූරය පාවා නොදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ රජයේ සිටි නමුත් තමන් අපේක්ෂා කරන සේවය රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තමන් අපේක්ෂා කරන වැඩපිළිවෙළ ඉදිරියේ දී තම ආදරණීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මාතෘකා