අපි 16 වෙනිදාට බහුතර බලය පෙන්වනවා : පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

 ඡායාරූපය:

අපි 16 වෙනිදාට බහුතර බලය පෙන්වනවා : පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

ලබන 16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන විට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ බහුතර බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ රැස්වීම පසුගියදා (03) අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත්විය.

එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, සුසිල් ප්‍රේමජයන්ත,වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීන් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

මාතෘකා