ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද

 ඡායාරූපය:

ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන අවසාන තීරණය ගැනීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරුන්ගෙන් සමන්විත 16 කණ්ඩායම විසින් වෙනම යෝජනා මාලාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පැවසීය. මේ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවේ නව ගිවිසුමක් සහිතව සම්මුතිවාදී ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමට තම පක්ෂය කටයුතු කරනු ඇති බවයි.

[කාශ්‍යප දිසානායක]

මාතෘකා