කැබිනට් ඇමති ධුරයක් දෙන්න මටත් ආරාධනා කළා : පා.ම. ආරුමුගම් තොණ්ඩමාන්

 ඡායාරූපය:

කැබිනට් ඇමති ධුරයක් දෙන්න මටත් ආරාධනා කළා : පා.ම. ආරුමුගම් තොණ්ඩමාන්

රජයට එක්ව කැබිනට් ඇමැති ධුරයක් ලබාගන්නා ලෙස රජයෙන් අවස්ථා කිහිපයකදී ආරධනා ලැබුණු බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් මහතා පැවසීය.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හැටන් නගරයේ නාගරික මන්ත්‍රීවරුන් හා ව්‍යාපාරික ප්‍රජාව සමග ඊයේ (01) එම නගර සභා රැස්විම් ශාලාවේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් තොණ්ඩමන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැයි දිනය සංකේතවත් කිරිම සඳහා හැටන්, කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වූ නිසා තමන් කොළඹට නොගිය බවත්, කැබිනට් ඇමැති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

[අසේල කුරුළුවංශ]

මාතෘකා