විශ්වාසභංගයට ශ්‍රීලනිපයේ සහාය අවිනිශ්චිතයි

 ඡායාරූපය:

විශ්වාසභංගයට ශ්‍රීලනිපයේ සහාය අවිනිශ්චිතයි

අගමැතිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබීම අවිනිශ්චිත බව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පැවසීය.

පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් අගමැතිවරයාට විරුද්ධව කතානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අවිනිශ්චිත බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඒ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පවතින රජයක සිටීමට අකමැති බවයි. එම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ ක්‍රියාවට නැංවීමට අප්‍රේල් 4 වනදාට සූදානම් විය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔවුනට රනිල් වික්‍රමසිංහ මහතාට අකමැති යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.