පාතාලය පෝෂණය කළේ රාජපක්ෂ පාලනයයි

 ඡායාරූපය:

පාතාලය පෝෂණය කළේ රාජපක්ෂ පාලනයයි

එ.ජා.පෙ මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන

පාතාලය සමඟ කෙදිනකවත් එක්සත් ජාතික පක්ෂයට ගනුදෙනු නොතිබූ බවත් නීතිය අතට ගනිමින් අපරාද කරන පුද්ගලයින් මර්දනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා ඊයේ (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පාතාලය අතට ගෙන දිවයින පුරා මිනී මැරුම් සිදුකිරීම පිටුපස රාජපක්ෂවරුන් සිටින බවත් රාජපක්ෂ පාලන සමයේ පාතාලය පෝෂණය කිරීම නිසා වත්මන් යහපාලන ආණ්ඩුව ඒ පාතාලය මර්දනය කරමින් ප්‍රජාතත්ත්‍රවාදය වපුරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“පාතාලය පිළිබඳව මාතෘකා සොයමින් ඉන්න පොදුජන පෙරමුණේ පිරිස හා රාජ්‍ය නොවන සංවිධාන මොන පැත්තකින් හරි ආණ්ඩුවවට ගහන්න, විවේචන එල්ල කරන්න උත්සාහ කරනවා. මානව හිමිකම් ඇතුළු සිවිල් සංවිධාන කියනවා පාතාලයේ අය පව් මෙහෙම මරන්න හොඳ නෑ කියලා චෝදනා තියනවා. පාතාලය මර්දනය කරන විටත් ආණ්ඩුවවට ලොකු තොප්පි වැටෙනවා, මර්දනය නොකරන කොටත් ලොකු තොප්පි වැටෙනවා. රජයක් හැටියට පාතාලය මර්දනය කළ යුතුයි.

මේ රටේ පාතාලය පසුගිය කාලයේ තිබුණේ කොහොමද කියනවා නම් 2001 ජුලම්පිටියේ අමරේ තංගල්ල බන්ධනාගාරයේ උද්ඝෝෂණ කරද්දි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වෙලා ඉද්දි ජුලම්පිටියේ අමරෙට ඔය වැඩේ නවත්තපන් බන් කිව්වා. මෙන්න මේ විදිහටයි පසුගිය කාලයේ පාතාලය මෙහෙයව්වේ. පාතාලය සමග ගනුදෙනු කළේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ කට්ටියයි. අපි දැක්කා ඒ කාලයේ පාතාලයේ ගොඩාක් ආරක්ෂා කළා, ඇත්ත හෙලිවෙයි කියලා ගොඩාක් අය මැරුවා.

පසුගියදා කහවත්තේ උපසභාපතිව ඝාතනය කළා. ක්‍රිකට් ක්‍රීඩකයාගෙ සහෝදරයා මැරුවා. මේවා අපි ගෙනාපුවා නෙමෙයි, පසුගිය රජය මේවා වර්ධනය කළා. පාතාල මර්දනය විරුද්ධව කිඹුල් කඳුළු හෙලනවා නම් මේකට චෝදනා කරනවා නම් ඒක සමස්ත ප්‍රජාවට කරණ එරෙහි කමක්.

ඩිලාන් පෙරේරා මහත්තයා ප්‍රකාශයක් කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි බේද කෙරුවේ එතුමාලයි. ඔය සරණාගතයෝ ආණ්ඩුවට රින්ගනකොට අපි ඔය අනතුර ඇඟෙව්වා. මේ කට්ටිය මිතුරු වේශයකින් යහපාලන ආණ්ඩුව කෙලෙසන්න එන කට්ටිය කියලා. ආපු දවසේ ඉඳලා මේ කට්ටිය ආණ්ඩුව කඩන්න උත්සාහ කළා. මේ ආණ්ඩුව හදන්න ඇප කැප වෙච්ච මුල්වෙච්ච මන්ත්‍රිවරු හැටියට අපිව කුපිත වෙනවා මේවා දකිද්දි. මහින්ද රාජපක්ෂ මහත්තයට කියන්න කැමතියි මේ 16දෙනා යන්න එන්න තැනක් නැතිව කට්ටි පනිමින් ඉන්නේ බාරගන්නවා නම් හොඳට කල්පනා කරලා තීරණය කරන්න වෙයි. විමල් වීරවංශත් එක්කත් මේ අය සාකච්චාවකට යන්න හදන්නේ.

අපි විපක්ෂයේ ඉන්නකොට අපිට බලයට එන්න නොදී අපිට කළ චෝදනාවක් තමයි කොටිත් එක්ක සම්බන්ධකම් තියනවා කියලා. හැබැයි කියන්න අවශ්‍යයි කොටින්ට සල්ලි දුන්නේ අපි නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි, ඒ 2015 ජනාධිපතිවරණයේදී. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පරාජයට එහෙම කළේ. කරුණා අම්මාන්ලා, පිල්ලයාන්ලා, කේපීලා ජනාධිපති මන්දිරයට ගෙනල්ලා නැලෙව්වෙ අපි නෙමෙයි. ඒ අයගේ සල්ලි හොරකම් කළේ අපි නෙමෙයි. අපේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරපු කරුණා අම්මාන්ලා, පිල්ලයාන්ලාට පක්ෂයේ තනතුරු දුන්නේ අපි නෙමෙයි, අපි කොටි නැලෙව්වේ නෑ. එදා නැලෙව්වෙත් නෑ. අද නලවන්නෙත් නෑ. පසුගියදා ත්‍රීරෝද රථයකින් කොටි සාමාජිකයන් පිරිසක් අවි ආයුධත් සමඟ අසුවුණා. නමුත් අත්අඩංගුවට ගන්නවා ආරක්ෂක අංශ, විදේශයේ කොටි සාමාජිකයින්ට යන එන ගමන් තහනම් කරනවා. රජයක් හැටියට අපි කොටින්ට හිතවත් නම් ඒ අයව නිදහස් කරන්න පුළුවන්නේ. එතකොට අල්ලපු එකද වැරැද්ද?

යුද්ධයක් හෝ ප්‍රශ්නයක් ඉවර වුණාම ඒවාගේ නටබුන් තිබෙනවා. දැන් මේවාට කෑ ගහන්නේ විමල් වීරවංශයි ගම්මන්පිල මහත්තයයි. දැන් විමල් වීරවංශත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයා වී හිටපු කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ගැටුම් ඉවර වුණාට පස්සේ විමල් වීරවංශ මහත්තයලා හංගපු බඩු ආපහු මතුවෙන නිසා අපි අල්ලනවා. මේවා අල්ලද්දිත් කොටින්ට උදව් කරනවා කියන්නේ කොහොමද. මේ සඳහා ආරක්ෂක හමුදාවන් සහ රාජ්‍ය අංශයේ ආයතනටවලට අපි කියලා තියෙනවා අවධානයෙන් ඉන්න කියලා. එහෙම කරලා කියලා තියෙද්දි මේ චෝදනාව කරනව නම් වැරදියි. මේ කොටි ප්‍රශ්නය යට යනවට අකමැති මොකද ඒක මත්තේ තමයි යැපෙන්නේ. මේ දේශපාලන මඩගොහොරේ ඉන්නේ පිසාචයෝ දෙන්නෙක් තමයි උතුරේ ඉන්න සිවාජිලිංගම් සහ දකුණේ ගම්මන්පිල. මේ ගොල්ලෝ ඉන්නකන් ජාතිවාදය අවසන් කරන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂ කියනවා එතුමාට ඕන නම් මාස දෙකෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගන්න පුළුවන් කියලා. එතුමා පිළිගන්නවා ඇමරිකාවේ එක කකුලයි, ලංකාවේ එක කකුලයි. දැන් ඇමරිකාවේ කකුලක් තියගන්න අවශ්‍ය නෑ. ජනාධිපතිවරණයට යන්නත් තියෙන නිසා පුරවැසිභාවය අයින් කරගන්න පුළුවන් කියලා එතුමා පිළිගන්නවා. යුද්ධය සැරට වෙද්දි මාතෘභූමිය ආරක්ෂා කරගන්නවා කියලා පෙනී ඉන්න මේ දේශප්‍රේමීන් මාතෘභූමිය දාලා ගියා. සරත් ෆොන්සේකා මහත්මයලා වීරෝදාරව සටන් කරද්දි ගෝඨාභයලා ඇමරිකාවට වෙලා හිටියා. දැන් ඇවිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හදනවා.

[අසේල ලියනගේ] ඡායා [රොෂාන් පිටිපන]

මාතෘකා